by Staff writer 30-05-2021 | 10:16 PM
COLOMBO (NEWS1ST) : සමස්ත එන්නත්කරණ ක්‍රියාවලියම අවාසනාවන්ත ලෙස බිහිසුණු ඛේදවාචකයක් කරා ගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙරට පුරවැසියන්ට අවශ්‍ය එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මූල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම සහ ප්‍රමුඛතාව දිය යුත්තේ කාට ද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් මුල සිටම ආණ්ඩුවට නොතිබූ බවයි.
අවශ්‍ය එන්නත් ඇනවුම් කරන ලෙස මාස කිහිපයකට පෙර සිටම ආණ්ඩුවට සිහිපත් කළ ද ඒ සියල්ල සුපුරුදු පරිදි වගකීම් විරහිත ලෙස බැහැර කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
මිනිස් ජීවිත සුවිශේෂි සහ අවශේෂ ලෙස බෙදා වෙන් නොකරන ලෙසට ආණ්ඩුවට, බල කරන බව විපක්ෂ නායකවරයා එම නිවේදනයෙන් ප්‍රකාශ කළේ ය.