තවත් කොරෝනා මරණ 42ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 42 ක් ජීවිත ගමනට සමුදෙයි

by Sagarika Chathumali 30-05-2021 | 8:55 AM

COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ, (29) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 42 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1405 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (29) සිදුව ඇත්තේ, මරණ 6 ක් පමණි. අනෙකුත් මරණ 36 වාර්තා වී ඇත්තේ, පසුගිය මැයි 14 වනදා සිට මැයි 28 දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 14 – මරණ 01 යි මැයි 19 – මරණ 02 යි මැයි 20 – මරණ 01 යි මැයි 21 – මරණ 02 යි මැයි 22 – මරණ 02 යි මැයි 23 – මරණ 03 යි මැයි 25 – මරණ 03 යි මැයි 26 – මරණ 02 යි මැයි 27 – මරණ 10 යි මැයි 28 - මරණ 10 යි එම මරණ වාර්තා වී ඇත්තේ, ගලිගමුව, අලව්ව, මහනුවර, හලාවත , හැටන් (මරණ3යි) ,බලංගොඩ, මස්කෙළිය, මීතොටමුල්ල, නාගොඩ, අම්බලන්ගොඩ, උග්ගල්ගොඩ, දර්ගානගරය, නාවලපිටිය (මරණ 3), මහියංගණය, ඌවපරණම, බදුල්ල, කුරුණෑගල, ඒ්කල, බොගවන්තලාව(මරණ 2 යි), දංකොටුව, අඟුරුවාතොට, බණ්ඩාරගම, පනාගමුව, ඉබ්බාගමුව, පන්සීයගම, ගාල්ල, බත්තරමුල්ල, කොලොන්නාව, ලග්ගල, කුණ්ඩසාලේ, ගොමගොඩ, යාපනය (හොරණ මරණ 2යි ), ගෝවින්න, නිට්ටඹුව සහ කහටඔ්විට යන ප්‍රදේශවලිනි. වාර්තා වූ මරණ අතරින් 10 දෙනෙකුගේ ම මරණ සිදුව ඇත්තේ නිවස්වලදී ය. මේ අතර මිය ගිය පිරිස අතර නිට්ටඹුවේ පදිංචි 37 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ උග්ගල්බොඩ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් ද වෙති. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2882 දෙනෙකු ඊයේ (29) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180,593 ක් දක්වා ඉහළ ගි‌යේ ය. සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 148,391 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 30797 කි.