.webp)
මේ ව්‍යාපෘතියට චීනය සමග සම්බන්ධතාවක් ඇති නිසා අනික් රටවල් සහ ආයෝජකයින් පැමිණෙන්නේ නැති වෙයි කියලා සැලකිල්ලක් තියෙනවාද?මහාචාර්ය, ජී.එල්.පීරිස් මහතා,
එහෙම විශේෂ සැලකිල්ලක් නෑ මෙය සියලු ආයෝජකයින්ට විවෘතයි. ඒ ආයෝජකයාගේ ව්‍යාපාරය හෝ ආයෝජනයට සම්බන්ධ මුදල් මේයට කිසිම බලපෑමක් කරන්නේ නෑ ඔවුන් සියලු දෙනාට වරාය නගර ව්‍යාපෘතියට එකතු වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනටමත් වෙනත් රටවල විශේෂයෙන් බටහිර රටවල ආයෝජකයින් මේ ව්‍යාපෘතිය පිළිබඳව විමසලා තියෙනවා.අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
මේ වන විටත් විශේෂ ආයෝජකයින් ලංකාවට ඇවිල්ලා මෙම වරාය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරලා තියෙනවා. ඔවුන් විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා මේ ව්‍යාපෘතිය පිළිබඳව. විශේෂයෙන් කියන්න ඕනේ වරාය නගරයේ ඉදිකිරීමට නියමිත පාසලේ නමත් යුරෝපීය නමක් වෙන්න පුළුවන්.ඒ වගේම මෙහි ඉදි කිරීමට නියමිත රෝහලේ නමත් මෙරට බොහෝ දෙනා පුදුමයට පත් කරයි, ඒක යුරෝපීය ජනතාව අතර ඉතා සමීප නමක්