by Staff writer 29-05-2021 | 9:42 PM
COLOMBO (News 1st) - මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට කොළඹ, ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේදී මුල්ගල් තැබීම ඊයේ (28) සිදු කෙරුණි.
වීඩියෝ තාක්ෂණයෙන් ඊට සම්බන්ධ වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එහි සමරු පලකය නිරාවරණය කළේ ය.
100% හරිත සංකල්පය යටතේ භූගත මහල් 3 කින් සහ මහල් 23 කින් සමන්විත වන පරිදි මෙම නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකෙරේ.
ඒ අනුව මෙතෙක් වසර 44ක් චිත්තම්පලම් එම්. ගාඩ්නර් මාවතේ පිහිටි මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල නුදුරු අනාගතයේදී කොළඹ ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයට ගෙන ඒමට නියමිතය.