තවත් කොරෝනා මරණ 39ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 39 ක් ජීවිත ගමනින් සමුගනී

by Sagarika Chathumali 29-05-2021 | 10:01 AM

COLOMBO (NEWS1ST) :  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (28) තවත් කොරෝනා මරණ 39 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1363 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (28) සිදුව ඇත්තේ, මරණ 3 ක් පමණි. අනෙකුත් මරණ 36 වාර්තා වී ඇත්තේ, පසුගිය අප්‍රේල් 29 වනදා සිට මැයි 27 දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. අප්‍රේල් 29 – මරණ 01 මැයි 20 – මරණ 01 මැයි 21 – මරණ 02 මැයි 22 – මරණ 03 මැයි 23 – මරණ 03 මැයි 24 – මරණ 03 මැයි 25 – මරණ 08 මැයි 26 – මරණ 08 මැයි 27 – මරණ 07 එම මරණ වාර්තා වී ඇත්තේ, හංදෙස්ස, වාද්දුව,පල්ලෙවෙළ, දඹදෙණිය, ගෝනවල,කොළඹ - 09, ගලහ, රාජගිරිය, කුරුණෑගල, කරදවෙල, ගාල්ල (මරණ දෙකයි), කල්ඒළිය, දිවුලපිටිය, අත්තනගල්ල, පේරාදෙණිය, පට්ටියවත්ත, මහනුවර, බලංගොඩ, දොඩං‌ගොඩ, කළුතර, බඩල්ගම, කොළඹ - 13 ,වාද්දුව,ඉමදූව , දැරණියගල, පේරිය, කළුගස්වැව, කඩුගන්නාව, තලාතුඔය, දොඩන්දූව, බටපොළ, හපුගස්පිටිය, ගල්කිස්ස, කොට්ටාව, දීගල, මල්වාන, ගම්පොළ (මරණ 2යි) මිය ගිය පිරිස අතර අවුරුදු 30 ත් 35ත් අතර කාන්තාවන් දෙදෙනෙක් ද වෙති. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2845 දෙනෙකු ඊයේ (27) හඳුනා ගැනුණු අතර ඒ් අනුව , මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 177,711 ක් දක්වා ඉහළ ගි‌යේ ය. සුවය ලැබු සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 146,362 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව29,986 කි.