by Staff writer 29-05-2021 | 9:32 PM
COLOMBO (News 1st) - කොළඹ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා යෙදවීමේ සැලසුම් ගැන මේ දිනවල ඇත්තේ සංවාදයකි.
දැනටමත් ඉතා වටිනා ඉඩම් සහ ගොඩනැගිලි ගණනාවක් සමාගමක් යටතට ගෙන ආයෝජකයන් වෙත ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මකය.
එය ක්‍රියාත්මක වන්නේ, පසුගිය මැයි 17 වැනි දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකිනි.
බේරේ වැවට මුහුණලා තිබූ වසර 44ක් පැරණි මහජන බැංකු ගොඩනැගිල්ල වෙනත් ස්ථානයකට රැගෙන යද්දී ඒ ආසන්නයේ ඇති අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල අගමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් ආයෝජකයින්ට ලබාදීමට යෝජනා කර තිබේ.
එය කොළඹ නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටි වටිනා ඉඩමකි.
මීට පෙර දැඩි කතාබහකට ලක් වූ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඇතුළු ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට බේරේ වැව ආසන්නයේ එනම් ඩී. ආර්. විජේවර්ධන මාවතේ හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදීමට ද යෝජනා වී තිබුණි.
මොනව ද මේ කරන්න යන ආයෝජන ව්‍යාපෘති ?
කොළඹ ඉඩම් වයාපෘතිය පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නෙ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ආයෝජන ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති රාමුව නමින් ය.
සියයට සියයක් භාණ්ඩාගාරයට හිමිකාරිත්වය ඇති සමාගමක් ආරම්භ කර ඒ යටතේ ආයෝජන ව්‍යපෘති සඳහා සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී නමින් සමාගමක් ක්‍රියාත්මක වේ.
එස්පීවී නැත්නම් ස්පෙෂල් පර්පස් වෙහිකල් නමින් මේ සමාගම් ආරම්භ කරන්නේ නිශ්චිත ආයෝජන ව්‍යපෘතිය සඳහා ය.
මොනවද මේ වටිනා දේපොළ ?
* කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
* යෝර්ක් ගොඩනැගිල්ල
* ගෆූර් ගොඩනැගිල්ල
* විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල
* මහ තැපැල් කාර්යාලය
මේ දේපොළ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ හෙරිටේජ් ස්කෙවායාර් ලෙසයි.
මීට අමතරව,
* ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හල
* වොටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය
යාපනය, කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
* කොළඹ හිල්ටන් හෝටලට
* ග්‍රෑන්ට් හයට් මිශ්‍ර ව්‍යපෘතියද එස්පීවී සමාගම් බවට පත්කර ආයෝජකයින්ට ලබාදීමට නියමිතය.