by Staff writer 29-05-2021 | 10:52 AM
COLOMBO (News 1st) - ගොවීන්ට එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, පෞද්ගලික සමාගම් මගින් මිලදී ගන්නා පොහොර තොග ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ගොවීන්ට ලබාදෙන බවයි.
ඒ අනුව, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල එළවළු ගොවින්ට පොහොර ලබා දීමට පියවර ගෙන තිබේ.
පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව පසුගිය සති කිහිපයේම උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසය.