ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස මාතලෙන්:වි⁣⁣ශේෂ  මෙහෙයුම් තවදුරටත්..

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස මාතලෙන්:වි⁣⁣ශේෂ මෙහෙයුම් තවදුරටත්..

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස මාතලෙන්:වි⁣⁣ශේෂ මෙහෙයුම් තවදුරටත්..

කර්තෘ Chathuranga Rajapaksha

29 May, 2021 | 7:47 am

COLOMBO (News 1st): නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 793 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුගිය පැය 24තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයනි.

එම පිරිස 161ක් වේ.

මීට අමතරව නිකවැරටියෙන් පුද්ගලයින් 110ක්, කුලියාපිටියෙන් පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මීට අමතරව ඩ්‍රෝන යානා උපයෝගි කර ගනිමින් කොළඹ, ග්‍රෑන්ඩ්පාස් සහ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,
එම මෙහෙයුමේදි සංචරණ නීති උල්ලංඝණය කර පුද්ගලයින් 04ක් අත්අඩංගුවට ⁣ගත් බවය.

මීට අමතරව බස්නාහිර පළාතේ ධාවනය වන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී ත්‍රිරෝද රථ 4,643ක් පරීක්ෂා කර තිබෙන අතර සංචරණ නීති උල්ලංඝණය කරමින් ධාවනය කළ ත්‍රිරෝද රථ 6ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එම ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථානවලදි පුද්ගලයින් 3,083 දෙනෙකු පරික්ෂාවට ලක් කර සංචරණ නීති උල්ලංඝණය කර පුද්ගලයින් 82ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]