සංචරණ සීමා කාලයේදී විවෘත වන්නේ මොනවාද?

සංචරණ සීමා පවතින කාලවලදී විවෘතව පවතින්නේ මොනවාද?

by Staff writer 28-05-2021 | 8:05 PM

COLOMBO (News 1st) - සංචරණ සීමා පවතින කාලය තුළ ඖෂධ වෙළෙඳසැල් පමණක් විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, කඩ සාප්පු විවෘතව නොතබන අතර පොදු ප්‍රවාහන සේවාත් ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,
"මේ සංචරණ සීමා පවතින කාලය තුළ ඖෂධ වෙළෙඳසැල් පමණයි විවෘත වෙලා තියෙන්නේ. කඩ සාප්පු විවෘත වෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී තමන්ගේ ළඟම තියන ෆාමසියට ගිහිල්ලා බෙහෙත් මිලදී ගන්න පුළුවන්. අවශ්‍යතාවයක් තියනවා නම්. නමුත් ඕනම අවස්ථාවකදී රෝහල්ගත වීමක් වෙනවා නම්, කිසිම අවසරයක් ඕනේ නැහැ. තමන්ගේ වැහනයකින් හරි, පුද්ගලික වාහනයකින් හරි ගමන් කරන්න හැකියාවක් තියනවා. කෙසේ වෙතත් ඩිලිවරි සේවාවන් විධිමත් කරලා තියනවා. ඒ අවට අපි හැකිතාක් උපදෙස් දීලා තියනවා. මේවා විධිමත් කරලා චූන් පාන් වගේ දේවල් පවත්වාගන යන්න පුළුවන්"

? සංචරණ සීමා පවතින කාලයේදී අත්‍යවශ්‍ය සේවා රාජකාරීවලට යන්නේ කොහොම ද ?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා, "අත්‍යවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්ට මෙම කාලසීමාව තුළ නමුත් ඒවා අවභාවිතා කරන ස්වරූපයක් පෙනී ගිය නිසා අද අපි තීරණයක් ගනු ලැබුවා, අතවශ්‍ය සේවා වුණත්, ඔවුන්ගේ හැඳුනුම්පතට අමතරව අදාල ආයතනයේ ප්‍රධානිය විසින් නිකුත් කරපු, ඔවුන් සතුව තියෙන්න ඕනේ හැඳුනුම්පතට අමතරව. කොලයකින් වෙන ලිපියක් වෙන්න පුළුවන් නමුත් ස්මාර්ට් දුරකතනයක ඇති ලිපියක් වුනත් ප්‍රමාණවත් වෙනවා"

? රුපියල් 5000 දීමනාව යළි ලැබෙන්නේ කොහොමද? 

අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
"පවතින සංචරණ සීමා තුළත්, ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳවත් අවධානය යොමු කරලා, රුපියල් 5,000 දීමනාව ජුනි මාසේ 02 වැනි දා සිට නැවත වරක් ලබා දෙන්න තීන්දු කරලා තියනවා. ඒ අනුව අපි විශේෂයෙන දැනට රජය විසින් ලබා දෙන කිසියම් දීමනාවක් ලබා දෙන පුද්ගලයින් සිටිනවා නම් ඒ පුද්ගලයන්ට ඔවුන් ලබන ඒ දීමනාව රුපියල් 5000ට වඩා අඩු නම්, ඒ 5000 දක්වා හිඟ මුදල ලබා දෙන්න කටයුතු කරනවා. ඒ එක්කම අඩු අදායම්ලාභීන් ඒ වගේම විවිධ දීමනාවන් සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමටත් පවතින තත්ත්වය තුළ තමන්ගේ ආදායම් මාර්ගය අහිමි වෙච්ච කණ්ඩායම් වෙනුවෙන් ඒ 5000 දීමනාව ලබා දෙන්නත් රජය කටයුතු කරලා තියෙනවා"