පෞ. අංශයට ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන ආ හැකි ද ?

පෞද්ගලික අංශයට ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන ආ හැකි ද ?

by Staff writer 28-05-2021 | 10:17 PM

COLOMBO (News 1st) - පෞද්ගලික අංශයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙන්වීමට මැදිහත්වීමක් පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවති.

ජනතා විමුක්ති පෙරමුණ, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ලෝකයේ පුද්ගලික ආයතනවලින් ඉල්ලීම් කරනවා එන්නත් ගේන එක පුද්ගලික අංශය ලංකාවට දෙන්න කියලා හැබැයි ඇස්ට්‍රාසෙනෙකා ආයතනය පහුගිය 18 වෙනි දා මේ ආණ්ඩුවට කණ පැලෙන උත්තරයක් දීලා තියනවා ඔවුන් කියනවා අපි මේ එන්නත ලබාදෙන්නනේ රාජ්‍යන්ට සහ ඩබ්ලිව් එච් ඕ එක වැනි ජාත්‍යන්තර සංවිධානවලට පමණයි කියලා. අපි ලැජ්ජා වෙන්න ඕන අපේ රජය පුද්ගලික අංශයට එන්නත් දෙන්න කියලා ඉල්ලනවා ඇස්ට්‍රාසෙනෙකා ආයතනය කියනවා අපි දෙන්නේ රජයන්ට සහ ඩබ්ලිව් එච් ඕ එකට විතරයි කියලා ඒ වගේම මේ කොවිෂිල්ඩ් එන්නත ලබාගන්න නම් ඒක එක්කෝ ඩබලිව් එච්චෝ එක හරහා නැත්තම් සීරම් ආයතනය හරහා ලබාගන්න කියලා කියනවා. ඊට අමතරව කවුරු හරි වැක්සින් එකක් ගෙනල්ලා තියනවා නම් කොවිෂීල්ඩ් එන්නතක් ඒවා බොරු කියලත් ඒ ගොල්ලේා කියනවා. මේ ඩොක්ටර් ප්‍රසන්න ගුණසේන ඖෂධ නිතීගත සංස්ථාවේ සභාපතිවරයා හැටියට ඔහුට ඇස්ට්‍රාසෙනෙකා ආයතනයෙන් එවපු ලියුම කියලා කියන්නේ ඇත්තට අපේ රජය ලැජ්ජා වෙන්න ඕන වර්ගයේ පිළිතුරක්. මේහෙම ප්‍රශ්නයක් රජය ඇස්ට්‍රාසෙනෙකා එකෙන් අහපු එක ගැන ලැජ්ජා වෙන්න ඕන.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,
මේ මැතිතුමාට මේක ලියන්නේ මොකද කවුද මෙහෙන් ඉල්ලා යැවුවේ මේ එන්නත පුද්ගලික අංශයට පුද්ගලික සමාගමකට මේ එන්නත ඒජන්සිය දෙන්නෙයි කියලා කවුද ලිව්වේ. වහාම අපිට උත්තර දෙන්න ප්‍රසන්න ගුණසේන මහත්මයා අද එතුමා වගකියන්න ඕන එතුමාට අද ඇස්ට්‍රාසෙනෙකා එකෙන් ලියන තත්ත්වයට අද පත්කරලා තියනවා ලංකාවේ සමාගම්වලට ඒජන්සි ඉල්ලා ඇස්ට්‍රාසෙනෙකා එකෙන් එහෙම ඒජන්සි අපි දෙන්නේ නෑ කියලා කියන්න කවුද මේ ඒජන්සි එක ඉල්ලුවේ. අපිට ආරංචි තියන විදිහට මේ සමාගම මොකක්ද එක්තරා ජනමාධ්‍ය ආයතනයක අයිතිකරුවෙක් ඉන්න සමාගමක් ඒ සමාගම තමයි දැන් පීසිආර් කිට් ගෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයට ජිම් ලබාදෙන්නේ
ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ, පෞද්ගලික අංශයේ සමාගම් කිහිපකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදිය හැකි බවට දැනුම්දීම් කළ බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා පෞද්ගලික අංශයට මෙම එන්නත් සැපයීමට හැකියාවක් පවතීදැයි විමසූ බව සංස්ථාවේ උසස් නිලධාරියෙකු තහවුරු කළේ ය.