තවත් කොරෝනා මරණ 27 ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 27 ක් තහවුරු කෙරේ

by Sagarika Chathumali 28-05-2021 | 6:47 AM

COLOMBO (NEWS1ST) :  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (27) තවත් කොරෝනා මරණ 27ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1325 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (27) සිදුව ඇත්තේ, මරණ 4 ක් පමණි. අනෙකුත් මරණ 23 වාර්තා වී ඇත්තේ, පසුගිය අප්‍රේල් 22 වනදා සිට මැයි 26 දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දින මෙසේ ය.. අප්‍රේල් 22 – මරණ 01 මැයි 23 – මරණ 01 මැයි 24 – මරණ 02 මැයි 25 – මරණ 07 මැයි 26 – මරණ 12 ජීවිතක්ෂයට පත් කොරෝනා ආසාදිතයින් අතරින් 14 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 13 දෙනා පිරිමි පුද්ගලයින් ය. එම මරණ වාර්තා වී ඇත්තේ, ගුරුතලාව, බඩල්කඹුර, මහනුවර, අගලවත්ත, වෙන්නප්පුව, පොළොන්නරුව, වැලිපැන්න, මාතලේ , අලුත්ගම , මග්ගොන, දර්ගා නගරය, මොරපිටිය, දකුණු කළුතර, ගල්පාත, බේරුවල, ගාල්ල (මරණ 3යි), වත්තෙගෙදර, බූස්ස, මිල්ලෑව, නෑබොඩ, බුලත්සිංහල, කඩවත, වත්තල , කොළඹ - 15 සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලිනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්....