''ජනාධිපතිතුමනි, සමාවෙන්න... ඒක අහඹු සිද්ධියක් ''

''ජනාධිපතිතුමනි, සමාවෙන්න... ඒක අහඹු සිද්ධියක් ''- ඇමති නාමල්

by Staff writer 28-05-2021 | 7:19 PM

COLOMBO (NEWS1ST) : ඊයේ (27) එන්නත්කරණ වැඩසටහනක් අතරතුර සිදුවූ  සිද්ධිය සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අප්‍රසාදය පළ කළේ ය.

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, කඩිනමින් එන්නත අවශ්‍ය කරන , අවදානම් ප්‍රදේශ විද්‍යානුකූලව තොරා ගනිමින් සාර්ථකව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් තිබූ බවයි. කෙසේ වෙතත් ඊයේ සිදුවීමෙන් වැඩසටහනම විනාශ වී ගිය බවත් යළි මෙවැනි දේ සිදුවිමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ ය.
''දැන් මේ එන්නත් කිරීම මෙතන අපි තැන් තොරා ගත්තේ විද්‍යානුකූලව නේ. මෙතන අපි තැන් තොරලා අරගන, කොහොමද ඒ කරන්නේ කියලා බලලා, දිස්ත්‍රික්වලත් මේක අවශ්‍යම ප්‍රදේශ බලලා, ඒ දත්ත හා තොරතුරු අරගන සෞඛ්‍ය අංශ හා අපේ තියන දත්ත ඔක්කොම එකතු කරලා තමයි අපි එහෙම කරලත් අර ඊයේ (27) කැත දර්ශනයක් නේ. ඒකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා.''
එහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, එය අහඹු ලෙස වූ සිද්ධියක් බව ත් ඊට සමාවන ලෙසත් ය.
''අතිගරු ජනාධිපතිතුමනි, ඒකට සමාවෙන්න ඕනා. ඒක අහඹු ලෙස සිදු වුණ දෙයක්...''