කොළඹ දේපොළ චීනය නතු වෙයි ද?

කොළඹ දේපොළ චීනය නතු වෙයි ද?

by Staff writer 28-05-2021 | 10:27 PM

COLOMBO (News 1st) - සෙලෙන්දිවා නමින් 100% ක් භාණ්ඩාගාරයට හිමිකාරිත්වය ඇති සමාගමක් ආරම්භ කර ඒ යටතේ ආයෝජන ව්‍යපෘති සඳහා සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී නමින් සමාගමක් ක්‍රියාත්මක වන සැලැස්ම ඊයේ අප අනාවරණය කළෙමු.

එස්පීවී නැත්නම් ස්පෙෂල් පර්පස් වෙහිකල් නමින් මේ සමාගම් ආරම්භ කරන්නේ, නිශ්චිත ආයෝජන ව්‍යපෘතිය සඳහායි. මේ අනුව කොළඹ නගරයේ හා පිටත පිහිටි ඉතා වටිනා දේපොළ රැසක් මේ අයුරින් එස්පීවී සමාගම් බවට පත්කර ආයෝජන ව්‍යපෘති සඳහා ලබාදීමේ යෝජනාවට මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මොනවද මේ වටිනා දේපොළ ? * කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය * යෝර්ක් ගොඩනැගිල්ල * ගෆූර් ගොඩනැගිල්ල * විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල * මහ තැපැල් කාර්යාලය. මේ දේපොළ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ හෙරිටේජ් ස්කෙවායාර් ලෙසයි. මීට අමතරව, * ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හල * වොටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය * යාපනය, කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කොළඹ හිල්ටන් හෝටලට, ග්‍රෑන්ට් හයට් මිශ්‍ර ව්‍යපෘතිය ද එස්පීවී සමාගම් බවට පත්කර ආයෝජකයින්ට ලබාදීමට නියමිතය. 2021 මැයි 05 සෙලෙන්දිවා පුද්ගලික සමාගම හරහා කොළඹ නගරයේ හා පිටත වටිනා දේපොල සම්බන්ධයෙන් සිදුවන ආයෝජන සැලැසුම් පිළිබඳව අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරයි. 2021 මැයි 17 අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. 2021 මැයි 20 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. 2021 මැයි 24 කොළඹ වරාය පිවිසුම් මාර්ගය සහ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා දිවෙන අධිවේගී මාර්ගය චීන සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය. මාර්ගය ඉදිකර වසර 15 ක කාලයක් පවත්වාගෙන යාමද මෙම තීරණය අනුව චයිනා හාබර් ඉංජිනියරින් නමැති සමාගමට පැවරෙනවා. අවධානයට...