කොවිඩ් මර්දන එන්නත්වල තත්ත්වය කුමක්ද?

කොවිඩ් මර්දන එන්නත්වල තත්ත්වය කුමක්ද?

by Staff writer 28-05-2021 | 8:31 PM

COLOMBO (News 1st) - රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000 ක් රැගත් යානයක් ඊයේ (27) රාත්‍රියේ දිවයිනට ළඟා විය.

අනතුරුව එන්නත් තොගය විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි එම සංස්ථාවේ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ. මේ අතර අදත් මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාර්ම් එන්නත ලබාදීම සිදු කෙරිණි.

? ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට මොකද වෙන්නේ ?

අද ඇතැම් පුවත්පත් වර්තාවල දැක්වුණේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ඩොලර් 15 ක මිලකට ශ්‍රී ලංකාවට දෙසතියකින් ලබා දීමට හැකි බවට ඉන්දියාවේ සීරම් ආයතන ප්‍රකාශ කර ඇති බවයි. එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලංකාව මිලදීගෙන තිබුණේ ඩොලර් පහයි ශත පනහක් වැනි අගයකටය.

? සීරම් ආයතනයේ ප්‍රතිචාරය ?

නිවේදනයක් නිතුත් කරමින් ඉන්දියාවේ සීරම් ආයතනය පෙන්වා දෙන්නේ ලෝක සෞධ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළට හා වෙනත් රටවල් සඳහා එන්නත් ලබා දීම ආරම්භ කිරීමට මේ වසර අගභාගය පමණ වනු ඇති බවය.