කොරෝනා ආසාදිතයින් අඩුවෙලා ද ?

කොරෝනා ආසාදිතයින් අඩුවෙලා ද ?

by Staff writer 28-05-2021 | 8:13 PM

COLOMBO (NEWS1ST) :  3500 ඉක්මවා තිබූ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 2000 ට ,2200 ට අඩු වී ඇතැයි, යන පණිවුඩය දීමට ආණ්ඩුවට වුවමනා වී ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුව එය සිදු කරන්නේ, P C R ප්‍රමාණය අඩු කරමින් බවයි.
''මැයි මාසේ 20 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තාකරනවා පීසීආර් 25713 ක් කළා කියලා ඒක මැයි 22 වෙනකොට 22824 ට අඩුවෙනවා ඒක 24 වෙනකොට 17000 ට බහිනවා ඊයේ 27 වෙනිදා මේ රටේ පීසිආර් කරන්නේ 18156 යි එතකොට ඒ 18000 න් තමයි මේ 2200 ක් විතර වර්තාවෙන්නේ ප්‍රතිශතයක් හැටියට තවමත් අපි ඉහල තැනක ඉන්නේ''
මේ අතර  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත පැවසුවේ, නොකඩවා ක්‍රියාත්මක කිරීමේදී ඕනෑම මොහොතක P C R යන්ත්‍රයක් දෙකක් සමහර විට තාවකාලිව ක්‍රියාවිරහිත වීමේ හැකියාවක් ඇති බවයි. එවැනි අවස්ථාවක එම යන්ත්‍ර යථාතත්ත්වයට පත් කර ගන්නා තුරු යම් ස්ථානවල ඇති සාම්පල වෙනත් ස්ථානයකට යොමු කිරීමට සිදුවන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් නැවතත් සම්පූර්ණ ධාරිතාවෙන් P C R පරීක්ෂණ කිරීමට රසායනාගාර යොමුකරගෙන යන බව ද ඔහු පැවසී ය.