පරිසරයට වෙන හානිය වන්දි මුදලින් හදන්න බෑ

පරිසරයට වෙන හානිය වන්දි මුදලින් හදන්න බෑ - පරිසරවේදි අචාර්ය අජන්තා පෙරේරා 

by Staff writer 27-05-2021 | 9:20 PM

COLOMBO (News 1st) - අපට කොයි තරම් වන්දි මුදලක් ලැබුණත්, පරිසරයට සිදුවන හානිය නැවත වතාවක් යථාතත්ත්වය ගෙන ඒමට ඒ ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බව පරිසරවේදී අචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසන්නීය.

ඇය මෙසේ සිය අදහස් පළ කළාය.
"අපි දන්නවා නයිට්‍රික් අම්ලය මුහුදේ ජලයට එක්කාසු වුණාම ඒ ජලජ ජීවින් සියලු දෙනාම විනාශයට පත් වෙනවා. ඒ වගේම කොරල් පර දිය වෙලා යනවා. මේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා මේ කලාපය තුළ කිසිසේත්ම බැරි වෙනවා කිසිම සත්ත්වයෙක්ට ජීවත් වෙන්න. ඒ නිසා අපේ මුහුදු පරිසරය මේ නැවේ ගින්න තුළින් අතිශයින්ම විනාශ වෙලා යනවා. ඒ වගේම නයිට්‍රික් අම්ලය පැතිරිලා යනවා අපේ මුලු මුහුදු කලාපය පුරාම ඇයි මෙවැනි නැවක් මේ ප්‍රදේශයට එන්න ඉඩ දුන්නේ කියන එක පළමු ප්‍රශ්නය. අපිට කොයි තරම් වන්දි මුදලක් ලැබුණත් අපේ පරිසරයට සිදුවන හානිය නැවත වත්වක් යථාතත්ත්වය ගෙන ඒමට ඒ ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නෑ"
එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න පසුගිය බ්‍රහස්පතින්දා හටගත් අතර එම අවස්ථාවේ වරාය අධිකාරියේ මෙහෙයුම් මැදිරියට ගිය වරාය අමාත්‍යවරයා සෘජුවම මෙහෙයුම්වලට නියෝග ලබා දුන්නේ ය. කෙසේ වෙතත් දින කිහිපයක් ගතවන තෙක් ගින්න පාලනය කිරීම සාර්ථක නොවූ අතර මේ වනවිට සමුද්‍රීය පරිසරයට බරපතල හානියක් ද සිදු වී ඇත.