''තුන් වන රැල්ලත් සාර්ථකව පාලනය කරන්න හැකි වේවි''

''තුන්වන රැල්ලත් සාර්ථකව පාලනය කරන්න හැකි වේවි...'' - ඇමති නාමල්

by Staff writer 27-05-2021 | 5:33 PM

COLOMBO (NEWS1ST) :   ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් කමිටුවෙ නිර්දේශවලට අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගෙන ඇති බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , රටේ අනෙකුත් ප්‍රදේශවලට ද  එන්නත් ලබා දිය යුතු සෑම පුද්ගලයෙකුට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි. https://www.youtube.com/watch?v=zRRachBViZ4 මේ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේ,  වසංගත තත්ත්වයත් සමග දේශපාලනය සම්බන්ධ කර නොගන්නා ලෙස සහ එය විහිලුවකට නොගන්නා ලෙසයි. තවද සංචරණ සීමා ලිහිල් කළ දිනයේ වාහනවල ගමන් නොකරන ලෙස ජනතාවට දැනුම් දුන්නේ, එය අවස්ථාවක් කර ගෙන පවුලේම සියලු දෙනා එක්ව දුර ගමන් යන නිසාවෙන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=BUx3xSTQVgw