එන්නත් දෙන තැනට ඇවිත් යකා නැටූ මොරටුව නගරාධිපති... (දර්ශන සහිතයි)

by Staff writer 27-05-2021 | 7:49 PM

COLOMBO (NEWS1ST) :   අද (27) මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර උණුසුම් තත්ත්වයක් උද්ගතවිය.

ඒ, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ඇති ග්‍රාමීය කමිටුව නිකුත් කළ ටෝකන් පතට එන්නත් ලබාදෙන ලෙස වෛද්‍යවරුන්ට බල කිරීමත් සමගයි. නගරාධිපතිවරයා සිද්ධියට මැදිහත් වන්නේ, වෛද්‍යවරුන් ඊට එකඟ නොවීම හේතුවෙනි. එහිදී නාගරාධිපතිවරයා වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර සිටියේ, එන්නත් ලබා නොදෙන්නේ නම්, පිටව යන ලෙසයි. එහිදී වෛද්‍යවරිය පවසා සිටියේ, ටෝකන් ලබා දෙන ලෙස දැනුම් දී නොමැති බවයි. එවැනි වැඩසටහනක් ඇති බව තරයේ කියා සිටිමින් නගරාධිපතිවරයා පැවසුවේ, අද ජොන්ස්ටන් ඇමතිවරයා කුරුණෑගල එන්නත් වැඩසටහන සිදු කළේ ද එම ක්‍රමවේදයට බවයි. මෙහි බහින් බස්වීම අතර තුර නාගරාධිපතිවරයා දැඩි ස්වරයෙන් වෛද්‍යවරිය ඉදිරියේ අදහස් පළ කරනු දැකගත හැකි විය. එහදී වෛද්‍යවරිය ඔහුගෙන් ඉල්ලා සිටියේ, එලෙස කතා නොකරන ලෙසත් රාජ්‍ය නිලධාරියෙකුට කතා කරන ආකාරය  දැන ගන්නා ලෙසත් ය. කෙසේ වෙතත් මෙහිදී නගරාධිපතිවරයා තරයේ ම කියා සිටියේ, අද දිනයේ එන්නත් ලබා දිය යුත්තේ, ටෝකන් දී ඇති පිරිසට පමණක් බවයි.
''එහෙම කරන්න බැරි නම් ගිහිල්ල කරගන්න ඕනි දෙයක්. ගහන්න දෙන්නේ නැහැ. ගහන්න දෙන්නේ නැහැ. මම මෙතැන එනවුන්ස් කරල කියනවා යන්න කියලා. එතකොට ඔබතුමිට වදිද මන්දා''
මෙහිදී වෛද්‍යවරිය යළි යළිත් පවසා සිටියේ, තමන් ටෝකන් ලබා නොදෙන ලෙස නගරාධිපතිවරයාට දැනුම් දුන් බවයි.
''ඔබතුමා ඒක පිළිගත්තේ නැහැ. කෙළින්ම කිව්වා මං දෙන්න එපා කියලා.. ''  
අනතුරුව නගරාධිපතිවරයා පොලීසිය සමග ද සංවාදයකට මැදි වනු දැකගත හැකි විය.   https://www.youtube.com/watch?v=1zLJF_2BQeo&t=65s