පොදි ගැසෙමින් එන්නත් ලබා ගන්න එපා..!

අනෙකුත් දිස්ත්‍රික්කවලට එන්නත ලැබෙන්නේ කවදා ද?

by Staff writer 27-05-2021 | 9:00 PM

COLOMBO (News 1st) - ඉතාමත් සීමිත එන්නත් තොගයක් ලැබී තිබීම හේතුවෙන් තෝරාගත් අධිඅවදානම් ප්‍රදේශවලට එන්නත් කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ සිය අදහස් පළ කළේය.
"ඉතාමත් සීමිත එන්නත් තොගයක් ලැබී තිබෙන නිසා තෝරාගත් අධි අවදානම් ප්‍රදේශවල තමා මේ එන්නත් කටයුතු ආරම්භ කරන්නේ. අනෙක් ප්‍රදේශවලට එන්නත් තොග ලැබුණු වහාම ව්‍යාප්ත කරන බව මේ වේලාවේ අවධාරණය කරන්නත් ඕන. ඒ වගේම ඒ සඳහා අනවශ්‍ය ලෙස පොදි ගැසෙමින් ඒ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්න එපාය කියලා අපි ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද ඒක හරහා අපි අනවශ්‍ය අවදානමකට අපි ලක්වෙනවා. තව එන්නත් තොග මේ ඉදිරි දින කිහිපයේ ලැබීමට බලාපොරොත්තුවෙනවා. එතකොට ඒ එන්නත් තොග ඒ අදාළ ප්‍රදේශවල දීම ආරම්භ කරනවා"