අත්‍යවශ්‍ය සේවා නම් කළ අති විශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 27-05-2021 | 5:19 PM

 COLOMBO (News 1st) –  බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. ඒ අනුව වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු සියළුම ඉන්දන සැපයුම හා බෙදාහැරීම, වරාය හා නාවික කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ . ගැසට් නිවේදනයට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරින් , කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් ඇතුළු සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ක්ෂේත්‍ර රාජකාරි මට්ටමේ නිලධාරින් ද ආවරණය කරන රාජකාරි එම අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් ය. මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා කටයුතු ද ජනාධිපතිතුමා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසළ කළමනාකරණ සේවා කටයුතු ද ගැසට් නිවේදනයට අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට ගැනෙනු ඇති.