ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය ඇරෙඹ්

ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය ඇරෙඹ්

by Staff writer 26-05-2021 | 8:20 AM

COLOMBO (NEWS1ST) :  www.gammadda.lk වෙබ් අඩවිය ඔස්සේ දැන් ඔබ සැමට ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය වෙත පිවිසිය හැකියි.

මේ වන විට රටේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වෙනදා මෙන් බුදු තෙමඟුල සැමරීමට නොහැකිව සිටින ලක්වාසි හා ලෝකවාසී බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය සංවිධානය කෙරිණ. 2610 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ උතුම් වෙසක් සමයේ සැදැහැති ලෝක වාසි බොදු ජනතා‍වගේ හිත සුව පිණිස ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය  මෙවර ක්‍රියාත්මක වන්නේ, පළමු වරටයි. උතුම් සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය යෙදි ඇති අද සහ හෙට දෙදින තුළ www.gammadda.lk වෙබ් අඩවිය ඔස්සේ සැදැහැවත් ඔබට මෙම වෙසක් කලාපය සමග සම්බන්ධ වීමේ අවස්ථාව උදා වේ. ගම්මැද්ද දම් සවිය වෙසක් කලාපයේ තොරණින් නිරුපණය කෙරෙන්නේ, නායකයකු සතු දුර දක්නා නුවණ පිළිඹිඹු කෙරෙන අපණ්නක ජාතක කතා වස්තුවයි. ප්‍රවීණ චිත්‍ර ශිල්පි හේමන්ත වරකාපිටිය මහතාගේ චිත්‍රයෙන් හැඩ වු මෙම වෙසක් තොරණ එම්. වි ගුණදාස කිවිඳුන්ගේ විරිඳු ගායනයෙන් අලංකාරවත් වන අතර ප්‍රශාද් ලියනාරච්චි ප්‍රමුඛ සිරස එෆ්. එම්. කණ්ඩායම මේ සඳහා හඬ රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ. අද උදෑසන සිට වරින් වර සිරස ටී.වි. ඔස්සේ දිස්වෙන QR ඛේතය ඔස්සේ ද ඔන්ලයින් වෙසක් කලාපයට පිවිසිය හැකියි . පිවිසෙන්න...    www.gammadda.lk වෙබ් අඩවියට... සැබෑ නායකයෙකු යනු කවරෙක්ද? 'අපණ්ණක ජාතකය' නිරූපණය කරන Online තොරණ නැරඹීමට පිවිසෙන්න.. https://damsaviya.gammadda.lk/wesak-thorana.html