සංජේ රාජරත්නම් නව නීතිපති ලෙස දිවුරුම් දෙයි

සංජේ රාජරත්නම් නව නීතිපති ලෙස දිවුරුම් දෙයි

by Staff writer 26-05-2021 | 7:12 PM

COLOMBO (NEWS1ST) :   නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අද (26) පත් කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අද පස්වරුවේ ලබා දුන්නේ , ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා නව තනතුරට පත්වීමට පෙර වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ය. 1988 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී ඇති රාජරත්නම් මහතා වසර 34 ක සේවා කාලය තුළ එහි තනතුරු ගණනාවක් හොබවා තිබේ. මෙරට ප්‍රකට නඩු ගණනාවක් සඳහා පෙනී සිට ඇති රාජරත්නම් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය , ඇතුළු ආයතන ගණනාවක්කට නිති උපදේශකයකු ලෙස ද කටයුතු කර තිබේ. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඒ මහතා එංගලන්තයේ සොලිටර්වරයෙකි. ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ද ලබා ඇති ඔහු සිවිල් හා අපරාධ අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අයෙකි. රාජරත්නම් මහතා ශ්‍රී ලංකා නිති කොමිෂන් සභාවේ හා නීති අධ්‍යාපන කවුන්සිලයේ සමාජිකයක් ද වේ.