සුළි කුණාටුවෙන් ඉන්දියාවේ නිවාස ලක්ෂ 3 කට හානි

'යාස්' සුළි කුණාටුව: ඉන්දියාවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත..

by Staff writer 26-05-2021 | 6:56 PM

COLOMBO (News 1st) – 'යාස්' චණ්ඩ සුළි කුණාටුව අද දහවල් ඉන්දියාවට කඩා වැදුණි.

එරට මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර් 140ක වේගයකින් එය ගොඩබිමට කඩා වැදුණු බවය. ඔඩීෂා ප්‍රාන්තයට හා බටහිර බෙංගාල වෙරළබඩ ප්‍රදේශවල නිවාස ලක්ෂ 03කට පමණ හානි සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. එරට බලධාරීන් පැවසුවේ, කුණාටුවේ අවදානම හමුවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවය. එරට කාර්යබහුල කර්නාටක සහ ඔඩීෂාවල පිහිටි ගුවන්තොටුපොළවල් කිහිපයක්ම තාවකාලිකව සිය කටයුතු අත්හිටුවා තිබේ. කොල්කටාහී දුම්රිය ගමනාගමනය ද තාවකාලිකව නවතා දමා ඇතැයි සඳහන් ය. ඉන්දීය බලධාරීන් පුරෝකතනය කළේ, තවදුරටත් තද වැසි එම ප්‍රදේශවලට ඇද හැලෙනු ඇති බවය. මේ අතර සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයට ද බලපෑම් එල්ල වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.