සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 5 රැගත් යානය දිවයිනට

චීනයෙන් ලැබුණු සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 5 රැගත් යානය දිවයිනට

by Staff writer 26-05-2021 | 7:18 AM

COLOMBO (NEWS1ST) :  චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් රැගත් ගුවන් යානය අද අලුයම දිවයිනට ළඟා විය.

අප වාර්තාකරු සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ. එල්. 869 දරණ ගුවන් යානයෙන් චීනයේ සිට එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග සහ ඩී.වී. චානක, ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.