ඉන්දීය උඩු ගුවනේ සැමරූ මගුල් ගේ..

කොරෝනා මරණ ලක්ෂ 3 පැන්න, ඉන්දීය උඩු ගුවනේ සැමරූ මගුල් ගේ..

by Sagarika Chathumali 26-05-2021 | 4:06 PM

COLOMBO (NEWS1ST) :  ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා මාරයාගෙන් බේරීමට ලෝකවාසී ජනතාව විවිධ උත්සාහයන් ගනිමින් සිටින වටපිටාවක් තුළ පවා රෝගයේ බරපතළකම මායිම් නොකරන සුළුතරයක් මිනිසුන්ගේ නොමනා ක්‍රියා පිළිබඳව ලොව ඇතැම් රටවලින් අසන්නට ලැබේ.

පසුගිය දා කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවූ එමෙන්ම ලොව දෙවන තැනට ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අදටත් මිනිස් ජීවිත කොරෝනා මාරයාට බිලි වන ඉන්දියවෙන් පනවා ඇති නීති රීති පවා නොතකමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. පසුගිය දා තමිල්නාඩු උඩු ගුවනේ පැවති මෙම විවාහ මංගල්‍යයේ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී වීමත් සමග එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වන්නට විය. අදාළ මානල යුවළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා කිරීම්වලින් මිදීම සඳහා ජෙට් යානායක් කුලී පදනම මත මිලදී ගෙන සිය නෑදෑ හිතවතුන් ද රැස් කරවා ගෙන විවාහ මංගල්‍ය සමරන ආකාරය එම දර්ශනවල දැක ගත හැකි ය. තමිල්නාඩුවේ මේ වනවිට පනවා ඇති කොවිඩ් නීතිවලට අනුව විවාහ මංගල්‍යක් සඳහා සහභාගී විය හැක්කේ 50 දෙනෙකු පමණක් වුව ද මෙම උත්සවය සඳහා 150කට අධික පිරිසක් සහභාගී වී සිට ඇත. තව ද අදාළ දර්ශනවලට සහභාගී වී සිටින පිරිස් මුව ආවරණ පැළඳීමක්, දුරස්ථභාවය පවත්වා ගැනීමක් වැනි කොරෝනා ආසාදනයෙන් වැළකීමට අවශ්‍ය කිසිදු සම්මතයන් කිසිවක් අනුගමනය කර ඇති බවක් පෙනේනනට නොමැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ ජෙට් ලයානය අයත් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, විවාහ මංගල්‍යකින් පසු  මුදුරෙයි සිට බැංගලෝරය දක්වා ගමන් කිරීමට යැයි පවසා අදාළ සේවාදායකයා මෙම බෝයින් 737 යානය වෙන්කරවා ගෙන ඇති බවයි. එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත්තේ, සිය සේවාදායකයාට පැහැදිලිවම කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කළ බවත් යානය තුළ කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට අවසර නොමැති බව පැහැදිලිව පවසා තිබූ බවයි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් ඉන්දියාව මේ විට දැඩි අර්බූදයකට ලක්ව සිටින අතර එරෙට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,100,000 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ත් 310,000 ඉක්මවා ගොස් අවසන් ය. මසකට අධික කාලයක් තිස්සේ, රටේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ඔක්සිජන් සහ සෞඛ්‍ය පහසුකම් හිඟවීම හේතුවෙන් අහිමිවන මිනිස් ජීවිත ආදාහනය කිරීමට ආදාහනාගාරයක් සොයා ගැනීම පවා අපහසු තරමට ඉන්දියාවේ තත්ත්වය දරණු ය. මේ අතර මෙම මංගල උත්සවය පැවති බව කියන තමිල්නාඩුවේ Lockdown කාල සීමාව පසුගිය 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එය තවත් සතියක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ප්‍රාන්ත බලධාරීන් පසුගිය දා තීරණය තවදුරටත් ආසාදිතයින් වැඩිවීම හේතුවෙනි. සීමාවලට හසු නොවන්නට යැයි කියා, නීතියේ වචනවල හිඩැස්වලින් රිංගා උඩු ගුවනට හෝ උත්සව සැමරුව ද කොරෝනා මාරයාට ගුවන, ගොඩබිම හෝ මුහුද ද යන්න අදාළ නොවන බව ඇස්පනා පිට පෙනෙන මෙම විනාශයන් දැක දැකත් ඇතැමුන් ඒය නොතෙරුණා සේ හැසිරීම පුදුමයට කරුණකි. https://www.youtube.com/watch?v=sAK25hwxEvA