නැවේ අපද්‍රව්‍ය නිසා සිදුව ඇති හානි කියන්න අංකයක්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න: වෙරළට ගොඩ ගැසූ අපද්‍රව්‍ය නිසා සිදුව ඇති පරිසර හානි දැනුම් දෙන්න ක්ෂණික අංකයක්..

by Staff writer 26-05-2021 | 5:14 PM

COLOMBO (News 1st) – MV X-Press Pearl නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි, මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රට තුළට ගෙන ඒම, එක්රැස් කිරීම , වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක බවය. එබැවින් එවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින්නැයි , මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට දැනුම් දෙයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය , උපද්‍රවකාරී අපද්‍රව්‍ය ලෙස සැලකෙන බවත්, ඒවා නිශ්චිතව හඳුනා ගෙන නොමැති බවත් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , මෙම නෞකා අනතුර හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකට අපද්‍රව්‍ය එක්රැස්වේ නම් හෝ වෙනත් ඕනෑම ආකාරය පාරිසරික ගැටලුවක් පවතීනම් හැකි ඉක්මණින් 1981 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසය. සිය ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට හෝ ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දෙන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.