කොත්මලේ ජලාශය පරිශ්‍රයේ විශාල ගිලා බැසීමක්..

කොත්මලේ ජලාශය පරිශ්‍රයේ විශාල ගිලා බැසීමක්..

කර්තෘ Chathuranga Rajapaksha

26 May, 2021 | 10:48 am

COLOMBO (News 1st): කොත්මලේ ජලාශය පරිශ්‍රයේ විශාල ගිලා බැසීමක් සිදුව තිබේ.

ඒ අනුව, ජලාශයට මීටර් 50ක් පමණ ආසන්නයේ විශාල වලක් හැරී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.

අප වාර්තාකරු සඳහන් කළේ, කොත්මලේ ජලාශය භාර ඉංජිනේරුවරයා සහ පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ස්ථානීය පිරීක්ෂණයක් සිදු කළ බවය.

මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කර ඇති අතර, අද පස්වරුවේ මහවැලි අධ්‍යකෂ ජනරාල්වරයා ද ඒම ස්ථානයට පැමිණීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]