සිරකරුවන් 240කට නිදහස

වෙසක් පෝය වෙනුවෙන් සිරකරුවන් 240කට නිදහස

by Staff writer 25-05-2021 | 8:31 PM

COLOMBO (News 1st) - හෙටට යෙදී ඇති වෙසක් පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාර සිරකරුවන් 240 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, දිවයිනේ සියලු බන්ධනාගාර වලින් හඳුනාගත් සිරකරුවන් පිරිසක් එලෙස නිදහස් කරන බවය. ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් හෙට(26) නිදහස් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.