කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව..

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව මෙන්න..

by Sagarika Chathumali 25-05-2021 | 11:28 AM

COLOMBO (NEWS1ST) :  ගෙවුණු දිනයේ (24) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,971 දෙනෙකු හඳුනාගෙන ඇතැයි,  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් එක් ආසාදිතයෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 605 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කළුතර දිස්ත්‍රික්කය – 472 යි. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 395 යි. ⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 223 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 167,172 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,982 කි. ගෙවුණූ දිනයේ සුවය ලබා පුද්ගලයින් 1296 ක් පිටව යාමත් සමග සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 139,947 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දින කිහිපයකදී වාර්තා වී ඊයේ (24) කොවිඩ්-19 මරණ 33ක් තහවුරු කිරීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 1,243 ක් දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පසුගිය මැයි 17 සිට ඊයේ(24) දක්වා වාර්තා වූ මරණ මෙලෙස ඇතුළත් කර ඇති බවය. ඒ අනුව ඊයේ (24)  මෙරටින් වාර්තා වී ඇත්තේ, කොරෝනා මරණ 5ක් පමණි. ඉතිරි මරණ වාර්තා වී ඇත්තේ, පහත සඳහන් දිනයන්හිදී ය. මැයි 17 – මරණ 01 මැයි 19 – මරණ 03 මැයි 20 – මරණ 02 මැයි 21 – මරණ 04 මැයි 22 – මරණ 10 මැයි 23 – මරණ 08 මෙම මරණ වාර්තා වී තිබුණේ, මහගම (මරණ 2යි) , ගල්නෑව, ගලෙන්බිඳුණුවැව, මැදවච්චිය, බණ්ඩාරගම, වැල්මිල්ල, මඩකලපුව, හල්ග්‍රන්ඔය, ගම්පොළ, නාගොල්ල, පන්නල, කොළඹ 12, බොරැල්ල , දෙමටගොඩ, කොළඹ 13 (මරණ 2යි), කොළඹ - 2 ,නානුඔය, නාවලපිටිය (මරණ 5යි),ගාල්ල (මරණ 3යි), ගිනිමැල්ලගහ, ගිංතොට, නිට්ටඹුව, රදාවාන, බණ්ඩාරගම, ගල්පාත යන ප්‍රදේශවලිනි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ත්‍රිවිද හමුදාව සහ හෝටල් විසින් පවත්ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 69ක් තුළ පුද්ගලයින් 6,322 දෙදෙනකු නිරෝධායනය වෙමින් සිටින බවයි. මේ අතර පසුගිය පැය 24 තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් 401 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව ද එහි සඳහන් ය.