ගම්මැද්ද දම්සවිය  වෙසක් කලාපයට සියල්ල සූදානම්..

ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපයට සියල්ල සූදානම්..

by Staff writer 25-05-2021 | 10:06 PM

COLOMBO (NEWS1ST) :  තිලෝගුරු තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල හෙටට යෙදි තිබේ.

මේ වන විට රටේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වෙනදා මෙන් බුදු තෙමඟුල සැමරීමට නොහැකිව සිටින ලක්වාසි හා ලෝකවාසී බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය හෙට (26) උදෑසන සිට සැදැහැවත් ඔබට සමීප කරන්නට මේව වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. www.gammadda.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය හා සම්බන්ධ විය හැකියි. 2610 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ උතුම් වෙසක් සමයේ සැදැහැති ලෝක වාසි බොදු ජනතා‍වගේ හිත සුව පිණිස ගම්මැද්ද දම්සවිය Online වෙසක් කලාපය පළමු වරට මෙවර ක්‍රියාත්මකයි. උතුම් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය යෙදි ඇති හෙට සහ අනිද්දා දෙදින තුළ www.gammadda.lk  වෙබ් අඩවිය ඔස්සේ සැදැහැවත් ඔබට මෙම වෙසක් කලාපය සමග සම්බන්ධ වීමේ අවස්ථාව උදා කරදී තිබේ. ගම්මැද්ද දම් සවිය වෙසක් කලාපයේ තොරණින් නිරුපණය කෙරෙන්නේ, නායකයකු සතු දුර දක්නා නුවණ පිළිඹිඹු කෙරෙන අපණ්නක ජාතක කතා වස්තුවයි. ප්‍රවීණ චිත්‍ර ශිල්පි හේමන්ත වරකාපිටිය මහතාගේ චිත්‍රයෙන් හැඩ වු මෙම වෙසක් තොරණ එම්. වි ගුණදාස කිවිඳුන්ගේ විරිඳු ගායනයෙන් අලංකාරවත් වේ. ප්‍රශාද් ලියනාරච්චි ප්‍රමුඛ සිරස එෆ්. එම්. කණ්ඩායම මේ සඳහා හඬ රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. හෙට (26) උදෑසන සිට විටින් විට සිරස ටී.වි. ඔස්සේ දිස්වෙන QR ඛේතය ඔස්සේ ද ඔන්ලයින් වෙසක් කලාපයට පිවිසිය හැකියි .