ඛනිජ තෙල්  සංස්ථා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

by Staff writer 25-05-2021 | 7:55 PM

COLOMBO (NEWS1ST) :  ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බැරල් ලක්ෂයක ධාරිතාවක් ඇති නව පිරිපහදුවක් ඉදිකර ක්‍රියාත්මක කර පවරාදීමේ පදනම මත ආරම්භ කිරීම සදමා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීම වෙනුවෙන් පනත වෙනස් කිරීමට නියමිතයි. සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, ඒ අනුව මේ වසර අගදි ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට ආයෝජකයා තොරා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
''දැනට රටේ පවතින නීතිය අනුව තෙල් පිරිපහදුවක් පවත්වාගේන යෑමේ ඒකාධිකාරි බලය තියෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි ඒ නිසා ඉදිකර මෙහෙයුම්කර පැවරීම කරන්න නම් ආයෝජනය කරන සමාගමට අවශ්‍ය නීතිමය බලය ලබාදීම සඳහා 1961 අංක 28 දරණ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කරන්න ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අගදි ජාත්‍යන්තර ලංසු කැදවීමකින් නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට ආයෝජකයා තොරාගන්න''