''එක එක පැණි පස්සේ ගිහින් එන්නත අමතක වුණා...''

''එක එක පැණි පස්සේ ගිහින් එන්නත අමතක වුණා...'' - විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

by Staff writer 25-05-2021 | 7:47 PM

COLOMBO (NEWS1ST) :  රටට වැරදුණ තැන කල්තියාම එන්නත් ඇණවුම් නොකර නොසිටීම බව ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් උපදේශන විද්වත් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඇතැම් රටවල් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා 8 , 9 ගුණවලින් එන්නත් ඇණවුම් කරද්දී අපේ රට එන්නත් ඇනවුම් කරනවා වෙනුවට වෙනත් විසඳුම් පසුපස හඹා ගිය බවයි.
''අපි අතරමං වුණු තැනක් තමයි අපි එන්නත් ඇනවුම් කිරීමට මුල් තැන නොදී වෙනත් විසදුම් පසුපස හඹා ගියා. උදාහරණයක් විදිහට එක එක වර්ගයේ පැණි පස්සේ ගිහිල්ලා එන්නත් ඇණවුම් කිරීමේ වැදගත්කම අපිට අමතක වුණා''