by Staff writer 25-05-2021 | 9:07 PM
COLOMBO (News 1st) ; ඇමරිකාව ජපානය සඳහා සංචාරක සීමා පනවා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක ඇති බැවින් ජපානයට නොයන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අඟවා ඇති බවයි.
මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උලෙලට මාස දෙකකට පමණ පෙර මෙලෙස සංචාරක සීමා පනවා තිබේ.
කෙසේ වෙතත් ටෝකියෝ නුවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ආරක්ෂිතව තරඟ කිරීමට ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහාභාගී වීමට ඉඩ සලසන බව ඇමරිකානු ඔලිම්පික් හා පැරාඔලිම්පික් කමිටුව කියා සිටියේ ය.
අමෙරිකාව ජපානයට නිකුත් කර ඇත්තේ 4 වන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයකි.