UPDATE: Lockdown ප්‍රදේශවල වෙනසක්..

UPDATE: Lockdown ප්‍රදේශවල වෙනසක්..

by Chathurika Jayasundara 24-05-2021 | 5:45 PM

COLOMBO (News 1st) : තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා(Lockdown) කර ඇතැයි බවත්, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර ඇති බවත් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව හෙට(25) අලුයම 4 .00 සිට ? රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් වසමේ කුරුවිට 155 දෙල්ගමුව නගර කොටස ? ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩට අයත් ඌරවත්ත, ? ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩට අයත් ඊරියවැටිය ? නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගමට අයත් සන්දිරිගම සහ NLDB සත්ව ගොවිපළ හුදකලා කරයි. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට අලුයම 4 .00 සිට ඉවත් කරනු ලැබේ. ? කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය පොලිස් වසමේ මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම ජනපදය රයිගම්පුර ජනපදය ? රත්නපුර දිස්ත්‍රික්කයේ රත්මල්ගම 162 F ? මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පොලිස් වසමේ ගල්අමුණ 122 E හෙල මුල්ල 123 G වැල්ලවාය පොලිස් වසමේ ඇතිලිවැව ? ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වස‌මේ මද්දුමගල හේකිත්ත පොලිස් වස‌මේ 1. අත්කම් නිවාස සංකීරණය 2. අල්විස්වත්ත 3. ජාතික නිවාස සංකීරණය 4.කොක්ටේන් මාවත හැර සෙසු කොටස්.. කෙරවලපිටිය පොලිස් වස‌මේ පරණවත්ත හැර සෙසු කොටස් කෙරෙන්ගපොකුණ ග්‍රාම නිලධාරී වසමේ ජොර්ජ මාවත හැර සෙසු කොටස් කටාන පොලිස් වස‌මේ කළුගහවෙල ප්‍රදේශවල හුදකලා බව ඉවත් කරනු ලැබේ.