සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවයි

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවයි

by Sagarika Chathumali 24-05-2021 | 8:20 PM

COLOMBO (NEWS1ST) :  සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත්තේ, රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, Zoom තාක්ෂණය ඔස්සේ, කැබිනට් මණ්ඩලය අද (24) රැස් වූ අවස්ථාවේ මෙම තීරණයට එළැඹි බවයි. රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතු බවට අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇතැයි, අදාළ නිවේදනයේ සඳහන් ය. ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මීට පෙර පැවති යෝජනාව තවදුරටත් අත්හිටුවනු ඇති.