සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කෙරේ..

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කෙරේ..

by Staff writer 24-05-2021 | 3:26 PM

COLOMBO (news 1st) –  දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. https://www.youtube.com/watch?v=lGej5hnM1zA