by Staff writer 24-05-2021 | 10:39 PM
COLOMBO (news 1st) – වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.
කැලණි ගඟ, කිතුල්ගල ප්‍රදේශයෙන්,
කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් ද,
කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද,
මහවැලි ගඟ නාවලපිටිය ප්‍රදේශයෙන් ද ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, මහජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.