කොරෝනා මරණ 32 ක් තහවුරු වෙයි..

කොරෝනා මරණ 32 ක් තහවුරු වෙයි.. සමස්ත මරණ සංඛ්‍යාව 1210 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 24-05-2021 | 8:33 AM

COLOMBO (NEWS1ST) :  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (23) තවත් කොරෝනා මරණ 32ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1210 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (23) සිදුව ඇත්තේ, මරණ 5ක් පමණි. අනෙකුත් මරණ 27 සිදුව ඇත්තේ, පසුගිය අප්‍රේල් 23 වනදා සිට මැයි 22දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දින මෙසේ ය.. අප්‍රේල් 23 - මරණ 01 මැයි 17 - මරණ 01 මැයි 18 - මරණ 01 මැයි 19 - මරණ 04 මැයි 20 - මරණ 10 මැයි 21 - මරණ 05 මැයි 22 - මරණ 05 ජීවිතක්ෂයට පත් කොරෝනා ආසාදිතයින් අතරින් 18 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි පුද්ගලයින් ය. මියගිය පිරිස අතර මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු ද සිටින අතර ඔහුගේ මරණයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ, කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. මේ අතර වයස අවුරුදු 40 ත් 50ත් අතර වයසේ පසුවන සිව් දෙනෙකු ද 50 - 60 ත් අතර වයසේ පසුවන එක් පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්වූවන් අතර වෙති. ජීවිතක්ෂයට පත් අනෙකුත් කෙරෝනා ආසාදිතයින් සියලු දෙනා 70 - 90 ත් අතර වයසේ පසුවෙති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළ කොරෝනා මරණවලට අදාළ නිවේදනය පහතින්...