කොරෝනාවට බිලි නොවූ අපේ මනුස්සකම..

කොරෝනාවට බිලි නොවූ අපේ මනුස්සකම..

by Staff writer 24-05-2021 | 4:11 PM

COLOMBO (NEWS1ST) : කොවිඩ් තත්ත්වය සමග රෝහල්වලට අවශ්‍ය උපකරණ මෙන්ම විවිධ සම්පත් පරිත්‍යාග කරන්නත් අපේ පරිත්‍යාගශීලී ජනතාව නිර්ලෝභීව කැපවෙයි .

එවැනි පරිත්‍යාග කිහිපයක් ගැන පසුගිය 22 වැනිදා වාර්තා විය. රටම වෙලාගෙන ඇති කොරෝනා ව්‍යසනයේදී අපේම මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට බොහෝ දෙනෙක් කටයතු කරමින් පවතී. වෙන්ටිලේටර් උපකරණත් මේ ව්‍යසනයේදී රෝගීන්ගේ ජීවිත බේරාගන්න අත්‍යවශම උපකරණයකි. ගම්පහ මහ රෝහලටත් මෙවැනි වෙන්ටිලේටර් පද්ධතියක්, ලබා දීමට දානපතියන් පිරිසක් කටයුතු කළේ ය . මේ කටයුත්තට දායක වුණේ තිෂාන් ද සිල්වා, දයාන් සමරවීර සහ පී. ශිවගානන්දම් යන මහත්වරුන් ඇතුළු යහපත් හදවත් ඇති පරිත්‍යාගශීලී පිරිසකි. https://youtu.be/nNnwYaPB7cg