එකවර මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන..

29 හැවිරිදි කාන්තාවක් ඇතුළු තවත් 46 දෙනෙකු කොරෝනා වෛරසයට බිලිවෙයි..

by Chathuranga Rajapaksha 23-05-2021 | 7:28 AM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිත මරණ 46ක් වාර්තා වී තිබේ.

ඒ් අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1178ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙම මරණ මැයි 16 සිට ඊයේ(22) දක්වා සිදුවූ ඒ්වා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. ඒ් අනුව මැයි 16 - මරණ 04ක් මැයි 17 - මරණ 04ක් මැයි 18 - මරණ 03ක් මැයි 19 - මරණ 08ක් මැයි 20 - මරණ 15ක් මැයි 21 - මරණ 10ක් මැයි 22 - මරණ 02ක් වශයෙන් වාර්තා වී තිබේ. මිය ගිය පුද්ගලයින් අතර 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සිටී.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය..