29 හැවිරිදි කාන්තාවක් ඇතුළු තවත් 46 දෙනෙකු කොරෝනා වෛරසයට බිලිවෙයි..

29 හැවිරිදි කාන්තාවක් ඇතුළු තවත් 46 දෙනෙකු කොරෝනා වෛරසයට බිලිවෙයි..

29 හැවිරිදි කාන්තාවක් ඇතුළු තවත් 46 දෙනෙකු කොරෝනා වෛරසයට බිලිවෙයි..

කර්තෘ Chathuranga Rajapaksha

23 May, 2021 | 7:28 am

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිත මරණ 46ක් වාර්තා වී තිබේ.

ඒ් අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1178ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙම මරණ මැයි 16 සිට ඊයේ(22) දක්වා සිදුවූ ඒ්වා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ් අනුව
මැයි 16 – මරණ 04ක්
මැයි 17 – මරණ 04ක්
මැයි 18 – මරණ 03ක්
මැයි 19 – මරණ 08ක්
මැයි 20 – මරණ 15ක්
මැයි 21 – මරණ 10ක්
මැයි 22 – මරණ 02ක් වශයෙන් වාර්තා වී තිබේ.

මිය ගිය පුද්ගලයින් අතර 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සිටී.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]