මෙරට නාවික නිලධාරියෙකුට අමෙරිකාවෙන් ගෞරව උපාධියක්.

මෙරට නාවික නිලධාරියෙකුට අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් අතින් ගෞරව උපාධියක්..

by Staff writer 23-05-2021 | 9:10 PM

COLOMBO (News 1st ) - අමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපලුතිනන්වරයෙකු වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව තිබේ.

ඔහු තම උපාධිය ලබා ගත්තේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතිනි. 2015 වසරේ ජූනි 03 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදවට එක්වූ ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.