දිනකට 7,000 කට එන්නත දීමට සැලසුම්..

දෛනිකව 7,000 කට කොරෝනා මර්දන එන්නත ලබා දීමට සැලසුම්..

by Staff writer 23-05-2021 | 10:07 AM

COLOMBO (News 1st): ලබන සතියේ සිට දෛනිකව 7,000 කට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, වනවිට එන්නත් 167,397 ක් කොළඹ නගරයේ ජනතාවට ලබා දී ඇති බවය. ලබන මාසය අවසන් වනවිට කොළඹ නගරයේ ජනතාවගෙන් වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේය.