''ජීවිත බිල්ලට දෙන්න එපා. මේක බහිරව කන්දක් නෙවෙයි'

''ජීවිත බිල්ලට දෙන්න එපා. මේක බහිරව කන්දක් නෙවෙයි'' - හිටපු අගමැති

by Staff writer 23-05-2021 | 7:47 PM

COLOMBO (NEWS1ST) :  කොවිඩ් - 19 රෝග මර්දනය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශයක් කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා පැවුසුවේ, විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණින් ඉන්දියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා වෛරසය තව තවත් රට තුළ පැතිරී ගිය බවයි. කමිටුවලින් වෛරස ආසාදනය වීම පාලනය කළ නොහැකි බවත් රට වසා දැමීමට අවශ්‍ය නම්, අවශ්‍යතාව සහිත පිරිසට රජයෙන් සහනාධාර දිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
''විශේෂයෙන් ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා. මොකද මේක බහිරව කන්දක් නොවෙයි. මේ රටේ රුපියල බාල්දු වුනේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසා. අපි ඩොලර් කෝටි 20 ක් ආයොජනය කළා නම්, නොවැම්බරයේදි එන්නත වෙනුවෙන් අද මේ රටේ මේ ප්‍රශ්නය නෑ. විදේශ විනිමය ලබා ගන්න කියලා අපි ඉන්දියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා වෛරසය තව තවත් පැතිරුණා. අද අපට පෙනෙන්නේ මේ කමිටුවලින් මේවා කරන්න බෑ. රට වහන්න ඔනෑ නම් , උවමනා උදවියට රජයෙන් සහනාධාර දිය යුතුයි. දැන් තියෙන්නේ කැබිනට් මණ්ඩලයයි ජනාධිපතිතුමයි මේ බලතල අරගෙන මේ සැලසුම් සකස් කරන්න ඔනි. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. අපට දැන් තියෙන්නේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව ලබලා දෙන්න. ඒ සඳහා අපි අවශ්‍ය වැඩ කටයුතු කරමු. එසේ කරමින් රට ජාතිය බේරා ගන්න ක්‍රියා කරමු''