by Staff writer 23-05-2021 | 6:34 PM
COLOMBO (News 1st): ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එම තීරණයට එළැඹි බවය.
ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කිරීමත් සමග ඇඳන් 3500ක්, කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා යොදා ගනු ඇති.
කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කරන ලද ආයුර්වේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය මණ්ඩලවලට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබඳව විධිමත් පුහුණුවක් ලබා දීමට මෙන්ම සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් එන්නත් කිරීමට ද පියවර ගෙන ඇත.