PCR සහ රැප්ඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

PCR සහ රැප්ඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

PCR සහ රැප්ඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

කර්තෘ Staff writer

22 May, 2021 | 6:20 pm

COLOMBO (NEWS1ST) :  කොවිඩ් – 19 PCR  සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ‍පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත ලිඛිතව යොමු කරනු ලැබ ඇති බවයි.

ඒ අනුව,
🔺 පරීක්ෂණ සිදු කළ යුත්තේ, ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කර ඇත්නම් පමණි.

🔺සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය හෝ නිවස ඇතුළත හුදකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතු ය.

🔺රෝගියාට කොවිඩ් – 19 ආසානදය වී ඇත්නම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයට, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට සහ රෝගියාට දැනුම්දීම රෝහල් බලධාරියාගේ වගකීමයි.

🔺ආසාදිත රෝගීන් වගකිවයුතු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බලයලත් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතු ය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ, යම් පෞද්ගලික රෝහලක් මෙම මාර්ගෝපදේශ කඩ කරන්නේ නම්, කොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට දී ඇති අවසරය අවලංගු කරන බවයි .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]