by Staff writer 22-05-2021 | 1:32 PM
COLOMBO (News 1st) - වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම්. ෂහීර් මහතා පැවසුවේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ආනුරධපුර දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය එලෙස තාවකාලිකව අත්හිටවු බවයි.
ඡන්දයට පෙර පසුගිය 04 වැනිදා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට එරෙහිව යමින් වරාය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව ඔහු සඳහන් කළේය.