COLOMBO (NEWS1ST) : කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට ඊයේ (21) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමි විය.
මෙහෙයුම සඳහා ගුවන් හමුදාව බෙල් -212 හෙලිකොප්ටර යානයක් යොදවා තිබූ අතර එමගින් ගින්න නිවීම සඳහා වියළි රසායනික ද්‍රව්‍ය
කුඩු කිලෝ 425 ක් සාර්ථකව පහතට හෙළා තිබේ.
එහි ඡායාරූප කිහිපයක් පහතින්.....

ගින්න හටගෙන තිබුණේ, නෞකාව කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9 . 5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ය.
ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.
සිංගප්පූරුවේ ලියාපදිංචි අදාළ නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 25 කි.