රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්

by Sagarika Chathumali 22-05-2021 | 5:29 PM

COLOMBO (NEWS1ST) :  සම්මත දින 14ක කාලය ඉක්මවා ගිය ද අතිරේක දඩ මුදල් රහිතව තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් දඩ පත්‍රිකා ගෙවීම් සිදු කිරීමට අවස්ථාව ඇතැයි, තැපැල් මූලස්ථානය නිවේදනය කර සිටී.

තැපැල්පතිගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රට තුළ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ය. මේ අතර අප්‍රේල් 5 හෝ එම දිනයෙන් පසුව පොලීසිය නිකුත් කර ඇති එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් නොයෙකුත් හේතූන් මත ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා සඳහා ද දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා  (අතිරේක දඩ මුදල් රහිතව) ගෙවීම් සිදු කළ හැකි බව එහි වැඩිදුරටත් සඳහන් ය. මෙම සහන කාලය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනු ඇති.