by Staff writer 22-05-2021 | 9:31 PM
COLOMBO (News 1st) - බලපත්‍ර ලාභී සියලුම මත්පැන් අලෙවි සැල් මැයි 25 වැනිදා දිනයෙත් වසා තැබිය යුතු බව සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
සංචරණ සීමා ලිහිල් කරනු ලබන මැයි 25 වැනිදාත් මෙලෙස බලපත්‍ර ලාභී සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇති බවට මෙම නිවේදනයේ සඳහන් වේ.